* 1880 දී ක්‍රිස්තියානි මිෂනාරි පාසලක් ලෙස අප පාසල ආරම්භ වී ඇත.ආරම්භයේදී අප පාසල මතුරට ස්වභාෂ මිශ්‍ර පාසල නමින් හඳුන්වා ඇත.අප පාසලේ නිර්මාතෘ වරයා වන්නේ ගැලට් නම් ආදිපාදවරයායි.අතීතයේ මතුරට කුඩා නගරයක ස්වරූපයෙන් පැවතී ඇත.කුඩා නගරයක ස්වරූපයෙන් එදා ප්‍රදේශය පැවතී බව සිතිය හැකි සාධක පාසල,පොලීසිය,ආරෝග්‍ය ශාලාව,තැපැල් කාර්යයාලය.එම කාලයේ සිටම අද දක්වාම පැවතීම සුවිශේෂී ලක්ෂණයකි.මතුරට මහා විද්‍යාලයේ ලිඛිත සටහන් හමුවන්නේ 1932 වර්ෂයේ ය.අප පාසලේ ආරම්භක ගොඩනැගිල්ල වන්නේ ප්‍රධාන ශාලාවයි.මතුරට මහා විද්‍යාලයේ 1962 දී ශ්‍රී ලංකා ජන රජයට පවරා ගැනීම සිදු වී ඇත.1964 අප පාසල බෞද්ධ පාසලක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.අප පාසලේ පළමු විදුහල්පති G.M.චන්ද්‍රසේකර මහතා ය.(1932 ලිඛිත සාක්ෂි වලට අනුව) පාසලේ පළමු ශිෂ්‍යයා M.G.රංබණ්ඩා ය.පළමු ශිෂ්‍යාව M.G.ලීලාවතී ය.
ආරම්භ කළ වර්ෂය |
1880 |
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
12 |
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
03 |
මුල් ගුරුතුමාගේ නම (1932 ලිඛිත සාක්ෂි වලට අනුව) |
G.M.චන්ද්‍රසේකර මයා (1932-1938) |
පාසලේ ආදි කතෘගේ නම |
ගැලට් ආදිපාදතුමා |
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
පාසලේ නම |
මතුරට CC College |
පාසල භාරව කටයුතු කිරීම |
ගැලට් ආදිපාදතුමා |
පාසල රජයට පවරාගත් දිනය |
1962 |
පාසලේ මුල් ගුරුතුමා |
ගැලට් ආදිපාදතුමා |
පාසලේ පළමු ශිෂ්‍යයා |
M.G.රංබණ්ඩා (1952.01.07) |
පාසලේ පළමු ශිෂ්‍යාව |
M.G.ලීලාවතී (1952.01.07) |
පාසල පැවැත්වූ ස්ථානය |
ප්‍රධාන ශාලාව |