ශ්රී ජය සිරින් දිනේව
මතුරට විදුහල් මෑණි
විදු මිණි රැසින් දිනේවා
අප රාජිත අප මෑණි
නැණ එළි දහරින් ලකඹර පුබුදා
දෙස බස රැස රැක විරුවන් ලෙසිනා
යස ගොස දස දෙස ඔබ නම පතුරා
දෙනු මැන මෑණි ණැන බල නිතිනා
ගුණ මිණි දහරින් මව් බිම තෙමනට
අවිදු අදුර බිද දැණුමෙන් දිලෙනට
ඔබ පා සිසිලස සෙවණ ලබන්නට
සවිබල දෙනු මැන ඔබ දූ පුතුනට
අපගේ සවියෙන් හෙල බිම පුබුදා
දන මන හැම නෙත් සුවයෙන් සනසා
අපගෙ රාවය ලොව තුල පතුරා
වරම් පතන්නෙමු ඔබගෙන් නිතිනා..//